නැවත පුවත් සහ යාවත්කාලීන වෙත
රටම එකට විශේෂ මාධ්‍ය සාකච්ඡාව: විෂ මත්ද්‍රව්‍ය මැඩලීමට ශ්‍රී ලංකා රේගුවේ හා තැපැල් දෙපාර්තමේන්තුවේ දායකත්වය
2025 ඔක්තෝබර් 23|රටම එකට මාධ්‍ය මධ්‍යස්ථානය

රටම එකට විශේෂ මාධ්‍ය සාකච්ඡාව 2025.10.23 | පෙ.ව. 9.30 | රටම එකට මාධ්‍ය මධ්‍යස්ථානය රටම එකට ජාතික මෙහෙයුමට අදාළව පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡා මාලාව යටතේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (23) රටම එකට ප්‍රධාන කාර්යාලය හා මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. විෂ මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුවේ දායකත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු හා විෂ මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම වැළැක්වීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම පිළිබඳ සාකච්ඡා කරන ලද මෙම මාධ්‍ය සාකච්ඡාවට ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා, මධ්‍යම තැපැල් හුවමාරුවේ සුපරීක්ෂාක මනෝජනී නානායක්කාර යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

