නැවත පුවත් සහ යාවත්කාලීන වෙත
විෂ මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමේ ජාතික වගකීම හා සිසුදරුවන් වළක්වා ගැනීමේ අත්‍යාවශ්‍යතාව පිළිබඳ මහා සංඝරත්නයේ මාධ්‍ය සාකච්ඡාව
2025 ඔක්තෝබර් 16|රටම එකට මාධ්‍ය මධ්‍යස්ථානය

විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා වන “රටම එකට” ජාතික මෙහෙයුමට අදාළව සතිපතා පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡා මාලාව යටතේ විෂ මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමේ ජාතික වගකීම හා විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිසුදරුවන් වළක්වා ගැනීමේ අත්‍යාවශ්‍යතාව සම්බන්ධව මහා සංඝරත්නය විසින් අදහස් දැක්වීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (16) “රටම එකට” ජාතික මෙහෙයුම - ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය කරඳගොල්ලේ විජිතතිස්ස ස්වාමීන් වහන්සේ සහ කොළඹ 5 ලුම්බිණි විදුහලේ සහකාර විදුහල්පති, ශාස්ත්‍රපති, පූජ්‍ය දිවිතුරේ සමන්ත ස්වාමීන් වහන්සේ සහභාගි වූහ.

